UNDP complaint

Taxes and fees test 1

30 March 2021

වරිපනම හා ගාස්තු

වරිපනම් යනු

පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ සෞඛ්‍යය හා සනීපාරක්ෂක,පහසුව සුභ සාධනය සැලසීම වෙනුවෙන් , ඒ බල ප්‍රදේශයේ ඇති එක් එක් දේපළෙහි වාර්ෂික තක්සේරු වටිනාකම් එකතුවෙහි අනුපාතයක් වශයෙන් ඒ එක් වටිනාකම් එකතුවෙහි අනුපාතයක් වශයෙන් ඒ එක් එක් දේපළ මත පනවා අය කරනු ලබන බද්ද.

වරිපනම් ජනතාව‍ගෙන් අය කරනු ලබන්නේ,

නගර සභා ආඥා පනතේ 160 (1) වගන්තිය අනුව වරිපනම් බදු පනවා අය කිරීමට ලබා දී ඇති බලය අනුව, නගර සභා බල ප්‍ර‍දේශය තුල ජීවත්වන ජනතාවට අවශ්‍ය සේවාවන‍් සැපයීම උදෙසා අරමුදල් සම්පාදනය කර ගැනීමට.

වරිපනම් ගෙවීමෙන් ජනතාව ලැබෙන වාසි / අවාසි

  1. වාර්ෂි‍ක වරිපනම් බදු මුදල ඒ වර්ෂයේ ජනවාරි 31 වන දිනට හෝ එදිනට පෙර ගෙවනු ලැබුව හොත් ඒ බදු මුදලින් 10% ක වට්ටමක්‍ ද ,
  2. කාර්තු වශයෙන් ගෙවන්නේ නම් අදාළ කාර්තුවේ පළමු මාසය තුළ ගෙවන විට 5% ක වට්ටමක්ද පිරි නැමේ.
  3. අයිතිය/ පදිංචිය සනාථ කිරිමට සහතික ලබා දීම.
  4. බැංකු මගින් ණය ලබා ගැනිමට අවශ්‍ය නොපවරා ගැනීමේ සහතික හා අනෙකුත් උදෘතයන් හා ලියකියවිලි නිකුත් කිරීම.

වරිපනම් නොගෙවීම නිසා වන අහිතකර බලපෑම්

  1. ජනතාව‍ට අවශ්‍ය සේ‍වාවන් සැපයීමට නොහැකි වීම.
  2. වරිපනම් නොගෙවන පදිංච්කරු‍වන්ගේ චංචල හෝ නිශ්චල දේපල තහනම‍ට ගැනීමට සිදුවීම.
  3. එසේ තහනමට ගත් දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා සභාවට අයවිය යුතු සියලු වරිපනම් බදු මුදල් හා වරෙන්තු ගාස්තු අයකර  ගැනීම‍ට සභාවට හැකිය.
  4. ඒ තුළින් නාගරික බල ප්‍රදේශයක් තුල ‍ජී‍වත් වන අයහපත් බදු නොගෙවන පුද්ගලයෙකු ලෙස අපකීර්තියට පත්වීම.

තත්සේරු ලේඛනයෙහි නම ඇතුලත් කිරීම.

තත්සේරු ලේඛනයෙහි නම ඇතුලත් කිරීම යනු,

යම් කිසි දේපළක් මිලදී ගැනීමෙන් පසුව හෝ දේපළක් පැවරීමකදී මෙන්ම නීතියෙන් එකී දේපළ යම් කිසි පුද්ගලයකුට හිමි වුවහොත් හෝ එම දේප‍ළෙහි පෙර සඳහන් නාමය වෙනස් කිරීම මෙම තත්සේරු ලේඛනයෙහි නම ඇතුලත් කිරීම ලෙස හැදින්වේ.

ව්‍යාපාරයන්ගෙන් අයකරනු ලබන ගාස්තු (බදු)

ව්‍යාපාරයක් යනු කුමක්ද?

කිසියම් ලාභයක් ඉපැයීමේ අරමුණින් පවත්වාගෙන යනු ලබන භාණ්ඩ හෝ සේවා හුවමාරු ක්‍රියාවලියක් ව්‍යාපාරයක් වේ.
පළාත් පාලන ආයතනයක් විසින් තම බලසීමාව ඇතුළත පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර පිළිබඳ සමීක්ෂණයකින් පසු එම ව්‍යාපාර ප්‍රධාන වශයෙන් කොටස් ත්‍රිත්වයකට බෙදනු ලැබේ.

  1. වෙළඳ බලපත්‍ර ගාස්තුවකට යටත් කරනු ලබන ව්‍යාපාර
  2. කර්මාන්ත බද්දකට යටත්කරනු ලබන ව්‍යාපාර
  3. ව්‍යාපාර බද්දට යටත්කරනු ලබන ව්‍යාපාර

Top