Departments
CITY INFORMATION
සාම්ප්‍රදායික ආර්ථික ව්‍යුහයකින් සමන්විත වු ශ්‍රි ලංකාව වැනි රටවල ආර්ථික දේහය බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයේ අනිවාර්යය ප්‍රතිඵලයක් ලෙස පෙර නොවු විරූ පරිවර්තනයන්ට ලක්වු අතර එහි ප්‍රතිඵලයක් ලෙස දියුණු ප්‍රවාහන පද්ධතියක්, විධිමත්ව සකස් වු පරිපාලන ව්‍යුහයක් හා වැවිලි භෝග ප්රමුඛ කරගත් ආර්ථික රටාවක් වැනි ධනාත්මක ආනුශාංගික ප්‍රතිඵල රැසක් ජනිත කරමින් ක්‍රියාත්මක වීමේ දී හපුතලේ වැනි ප්‍රදේශ විශේෂ වැදගත්කමක් ඉසිලීය. ආර්ථික දේහයේ හා පරිපාලන ව්‍යුහයේ සිදුවු වෙනස්කම් සමඟ සාරානුකූල නගර නිර්මාණය වු අතර ඒ සඳහා නීතීමය පසුබිම ද ක්‍රමිකව විකාශය විය. ඒ අනුව 1939 අංක 61 දරණ නගර සභා ආඥා පනත සම්මත වු අතර ඒ යටතේ 1945 අගොස්තු 09 දින සිට හපුතලේ නගර සභාව ස්ථාපිත කරන ලදී. හපුතලේ නගර සභා බල ප්‍රදේශය ව.සැ 2.5 කින් සමන්විත වන අතර මුහුදු මට්ටමේ සිට මීටර් 1431ක උසකින් පිහිටා ඇත. නගර සභා බල ප්‍රදේශ භූමී වපසරියෙන් 20%ක ප්‍රමාණයක තේ වගාව ව්‍යාප්තව පවති. දුර්ලභ භු විෂමතාවකින් ආශිර්වාද ලබා ඇති හපුතලේ නගර සභා බල ප්‍රදේශය තුළ උඩරට දුම්රිය මාර්ගය හා මහා මාර්ගයට ද සෙසු අතුරු මාර්ග වලට ද ප්‍රවේශය සළසා ඇති හෙයින් අසීමිත සංචාරක ආකර්ශණයක් සහිත ප්‍රදේශයක් බවට ප්‍රකට වී ඇත. මොහොතින් මොහොත වෙනස් වන අසීමීත වු මානව අවශ්‍යතා හා මිනිසාගේ අක්‍රමවත් ජීවන රටාව හමුවේ ඉතාම සීඝ්රයෙන් විනාශ වී යන පරිසරය අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කර පවත්නා සීමීත සම්පත් ප්රෂස්ථ මට්ටමින් ප්‍රයෝජනයට ගෙන හපුතලේ නගරයේ අනාගතය විශ්ව කීර්තියට පත්කරමින්,